FAST NEWS

24×7 Around the Globe

විමල්ගේ සෙහොයුරු සහ පී.බී FCID යට…

මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම් පී.බී ජයසුන්දර මහතා අද(01) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබේ.

මෙරටට සහල් ආනයනය කිරීමේදී සිදුව ඇති අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව මුදල් අමාත්‍යංශ හිටපු ලේකම් පී.බී ජයසුන්දර මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට ඔහු කැඳවා ඇතැයි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කරයි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ සොහොයුරෙකු වන සරත් වීරවංශ මහතා ද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබේ.

වාහන අවභාවිතා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ඔහු කැඳවා ඇති බව වාර්තා වේ.