FAST NEWS

24×7 Around the Globe

කළුතර ප්‍රදේශ රැසකට පැය 12 ක ජල කප්පාදුවක්…

කළුතර ප්‍රදේශ රැසකට අද (01) පස්වරු 2.00 සිට හෙට අළුයම 2.00 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

වාද්දූව, වස්කඩුව, පොතුපිටිය, කළුතර උතුර, කළුතර දකුණ, නාගොඩ ප්‍රදේශවල මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව සඳහන්ය.

කළුතර, කෙත්හේන ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය අලුත්වැඩියාවක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.