FAST NEWS

24×7 Around the Globe

මන්ත්‍රී නාමල්ගේ නඩුව කල් යයි – දෙදෙනෙකුට ඉන්ටපොල් වරෙන්තු…

එන්.ආර් කන්සල්ටන් හා හෙලෝ කෝප් ආයතනයේ  සමාගම් මගින් රුපියල් මිලියන 45 ක අයථා මුදල් ගණුදෙනුවක් කළැයි එෆ්.සී.අයි.ඩී ය විසින් මුදල් විශුද්ධි කරණය යටතේ පාර්ලිමේනතු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු 6 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව අද (01) විභාගයට ගැනුණී.

සැකකරුවන් 6 දෙනා අතරින් විදේශගතව සිටින ඉන්දික කරුණාජීව හා ඉරේෂා සිල්වා යන සැකකරුවන් දෙදෙනාට නැවත් ජාත්‍යන්තර පොලිසිය හරහා වරෙන්තු නිකුත් කළ අතර නඩුව දෙසැම්බර් 8ට කල් තබන ලෙස කොළඹ  මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

මෙම සමාගම් වල ගුවන් සේවිකාවක හා අධ්‍යක්ෂක වරියක් වූ නිත්‍යා සේනානි සමරනායක, විධායක නිලධාරිනියක වූ සුජානි බෝගොල්ලාගම හා නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවෝ 4 දෙනෙකු දැනට ඇප මත මුදා හරිනු ලැබ සිටිති.