FAST NEWS

24×7 Around the Globe

බම්බලපිටිය ව්‍යාපාරිකයාගේ මරණයට දෙදෙනෙකු කොටු වෙයි…?

බම්බලපිටියේ ධනවත් රෙදිපිළි ව්‍යාපාරික සුලෙයිමාන්ගේ (29) ඝාතනය සම්බන්ධයෙන් සැකපිට සේදවත්තේ හා ග්‍රෑන්ඩ්පාස් හි  දෙදෙනෙකු ගැන ඉතා වැදගත් තොරතුරු ලැබී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

සිරුර  මාවනැල්ලේ හෙම්මාතගමට  රැගෙන යාමට ඔවුන් සහය දී  ඇතැයි ද පවසේ.

එසේම ඔවුන් මෙම සිද්ධිය ස්මබන්ධයෙන් ප්‍රශ්න කිරිම සඳහා  කිහිප වරක් ද පොලිසියට ගෙන ආ බව වාර්තා  වෙයි.

තවත් කිහිප දෙනෙකුම පසු පස පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා  ඇතැයි ද වැඩි දුරටත් වාර්තා වෙයි.