FAST NEWS

24×7 Around the Globe

සුසිල් හා අනුරට ලංගම නඩුවෙන් නිදහස් කෙරේ..

ඉකුත් ජනපතිවරණ සමයේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ රැස්වීම් සඳහා ලංගම බස් රථ යොදා ගැනීමෙන් ලංගමයට අය විය යුතු රුපියල් මිලියන 143ක මුදලක් ලබානොදීම සම්බන්ධයෙන් සුසිල් ප්‍රේම්ජයන්ත් හා අනුර ප්‍රියදර්ශන යාපා යන මන්ත්‍රීවරුන් වග උත්තරකරුවන් කරමින් පවරා තිබූ නඩුවෙන් ඔවුන් නිදහස් කිරීමට කොළඹ වාණිජ මහාධිකරණය ඊයේ (30) නියෝග කළේය.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු පස් දෙනකු වගඋත්තරකරුවන් කරමින් පැමිණිල්ලේ නීතිඥවරු පැමිණිල්ල සංශෝධනය කිරීමට අවසර ඉල්ලීම ඊට හේතුවයි.

වග උත්තරකරුවන්ට විරෝධතා ගොනු කිරීමට නොවැම්බර් 22 දක්වා කල් ලබාදීමට වාණිජ මහාධිකරණ විනිසුරුවරයා තීන්දු කළේය.