FAST NEWS

24×7 Around the Globe

තෙවැනි පාසල් වාරය අද ඇරඹේ..

උසස්‌ පෙළ හා ශිෂ්‍යත්ව යන විභාගයන්හි උත්තර පත්‍ර ඇගයීම් කරන පාසල් 41 ක්‌ හැර සෙසු රජයේ පාසල් තෙවැනි වාරය සඳහා අද (31 වැනිදා) විවෘත කෙරේ.

උසස්‌ පෙළ ඇගයීම් මධ්‍යස්‌ථාන ලෙස යොදාගෙන ඇති පාසල් හයක තෙවැනි වාරය ලබන 13 වැනිදා ශිෂ්‍යත්ව ඇගයීම් මධ්‍යස්‌ථානය ලෙස යොදාගෙන ඇති පාසල් 35 ක තෙවැනි වාරය ලබන 5 වැනිදා ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.