FAST NEWS

24×7 Around the Globe

ජනපති වෙබ් අඩවියේ ‘හැකර්’ පරිවාස භාරයට.

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිල වෙබ් අඩවියට බලෙන් ඇතුලු වී දත්ත වෙනස් කළැයි සැකපිට අත්අඩංගුවට ගත් කඩුගන්නාවේ බාල වයස්කරු සැප්තැම්බර් 02 වැනි දා දක්වා පරිවාස භාරයට පත්කර තබන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලිපිටිය මහතා අද (30 දා) නියෝග කළේය.

ඔහුට ආධාර අනුබල දුන්නැයි කියන මොරටුවේ 26 හැවිරිදි තරුණයා සැප්තැම්බර් 02 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස මහේස්ත්‍රාත් නියෝග කර තිබේ.