FAST NEWS

24×7 Around the Globe

ජනපති මෛත්‍රීගේ වෙබ් හැකර් අත්අඩංගුවට ගැනේ…

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල වෙබ් අඩවිය හැක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

නුවර ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන සිසුවෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පරිඝනක අපරාධ පනත යටතේ බව වාර්තා වෙයි. සිද්ධිය පිළිබඳව තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වයි.