FAST NEWS

24×7 Around the Globe

ඉතාලියේ පෙරුගියා නගරයට භූ කම්පනයක්…

ඉතාලියේ පෙරුගියා නගරයට දකුණු දිග ප්‍රදේශයේ රික්ටර් පරිමාණ 6.2ක භූ කම්පනයක් ඇති වි තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.

එරට වේලාවෙන් (24) අද අලුයම 3.36 ට ඇති වී තිබෙන මෙම භූ කම්පනයේ අපි කේන්ද්‍රය එම නගරයෙන් කිලෝමීටර් 76ක් ඔබ්බෙන්, පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර් 10ක් ගැඹුරින් වාර්තා වී ඇති බව ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.

මෙම භූ කම්පනය හේතුවෙන් රෝමයේ ඇතැම් ගොඩනැගිලි තත්ත්පර 20ක පමණ කාලයක් සෙලවී ගිය බවද මාධ්‍ය වාර්තා කරයි.

මේ දක්වා භූ කම්පනය හේතුවෙන් සිදුවූ අලාභානි හෝ ජීවිත හානියක් පිළිබඳ වාර්තා නොවන බවද විදෙස් වාර්තා පවසයි.