FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා දුම්රියට අලුතින් බලවේග කට්ටල 18 ක්.

 

ශ්‍රී ලංකා දුම්රිය සේවයට ඩීසල් බලවේග කට්ටල 18 ක් සහ මගී දුම්රිය මැදිරි 160 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

දුම්රිය සේවයේ සැපයුම් ධාරිතාව ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් මෙම තීරණය ගෙන තිබෙන අතර, ඉන්ධන ප්‍රවාහන ටැංකි 30ක් මිලදී ගැනීමටද අනුමැතිය හිමි තිබේ.

2015-2020 ජාතික දුම්රිය සංවර්ධන උපාය මාර්ගික ප්‍රවේශය යටතේ අඩංගු කරුණු අනුව අමාත්‍ය මණ්ඩලය මෙම තීරණය ගෙන තිබේ.