FAST NEWS

24×7 Around the Globe

ෆුල් ෆේස් පොලිස්පතිව මානව හිමීකම් ගෙන යයි.

 

පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතාට හෙට දින මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබේ.

සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය කරන හිස්වැසුම් හෙවත් ෆුල් ෆේස් හෙල්මට් තහනම් නීතියට එරෙහිව එම සංගමය විසින් මානව හිමිකම් කොමිසම වෙත කර ඇති පැමිණිල්ලකට අනුව පොලිස්පතිවරයාව මානව හිමිකම් කොමිසම වෙත මෙලෙස කැඳවා ඇත.

ෆුල් ෆේස් හෙල්මට් තහනම් කිරීමේ නීතිය නිසා ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් කඩ වන බවට මෙම සංගමය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව එහි පරීක්ෂණය අද දින මානව හිමිකම් කොමිසමේදී සිදු කිරීමට නියමිතය.