වසර 2015 මාර්තු 16 වැනිදා සිට ක්රියාත්මක වන පරිදි විවාහ ලියාපදිංචි ගාස්තුව රුපියල් දහස (රු.1,000) දක්වා සංශෝධනය කර ඇත.
වත්මන් රජය විසින් ඉදිරිපත් කරන ලද අතුරු අයවැය යෝජනාවක් අනුව විවාහ ලියාපදිංචි කිරීමේ ආඥා පනත සංශෝධනය කිරීම යටතේ මෙම යෝජනාව මාර්තු 16 දින සිට ක්රිරයාත්මක වේ.
ඒ අනුව මීට පෙර රුපියල් පන්දහසක් වුණු විවාහ ලියාපදිංචි කිරීමේ ගාස්තුව රුපියල් දහස දක්වා අඩු වී ඇත.







