FAST NEWS

24×7 Around the Globe

බැසිල් රාජපක්ෂගේ ඇප ලිහිල් කෙරේ…

දොම්පේ මාපිටිගම අක්කර 16ක ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් වංචාවක් සිදුවී යැයි සැකපිට ඇප පිට සිටින ආර්ථික සංවර්ධන හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ අද (09) ගිලන් රථයකින් අධිකරණයට ඉදිරිපත් විය.

පැමිණිල්ල සම්බන්ධ විමර්ශන තවමත් අවසන් නැතැයි මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණය දැන්වීය.

සෑම මසකම මූල්‍ය අපරාධ පොලිස් කොට්ඨාසයේ පෙනී සිටින ලෙස පැනවූ ඇප කොන්දේසිය ලිහිල් කළ මහේස්ත්‍රාත්වරයා මාස දෙකකට වරක් එම කොට්ඨාසයේ පෙනී සිටින ලෙස නියෝග කළේය.

වැඩිදුර විභාගය ජනවාරි 10ට කල් තැබිණි.