FAST NEWS

24×7 Around the Globe

දර්ගා නගරය උණුසුම් වෙයි – ආරක්ෂාවට එස්.ටී.එෆ්

දර්ගා නගරයේ ඇති වූ නොසන්සුන්තාවයක් නිසා අද (06) සවස පොලිසි විශේෂ කාර්ය බලකාය යොදවා ඇති බව පොලිසිය කියයි.

ඩෙංගු මදුරුවන් මර්ධනයට දුම් ගැසීමේදී තම කඩ සාප්පුවකට එම දුම් ගොස් ආහාර පාන ආදියට දුම් වැදුනැයි කියමින් කඩ හිමියා මහජන සෞඛ්‍ය පරීක්ෂක හා කම්කරුවෙක් කඩය තුළට දමා වසා ඇති බවත් පසුව පොලිසිය විසින් ඔවුන් බේරා ගත් බවත් මේ හේතුව නිසා නොසන්සුන් තාවය හටගෙන ඇති බවත් පොලිසිය කියයි.

මේ වන විට පොලිසිය හා විශේෂ කාර්ය බලකාය එක්ව තත්වය මතයකට පත් කරමින් සිටින බවද පොලිසිය කියයි