FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවයි..

එක්සත් ජනතා නිදහස් සන්ධාන පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවා තිබේ.

ඊයේ(04) රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී එම තීරණය ගත් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

මහින්ද අමරවීර අමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිබද පසුගිය කාලය තුළ ඔහු සිදු කළ ප්‍රකාශ සම්බන්ධයෙන් ඉදිරි පත් වූ කරුණු සැළකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි.

මීට අමතරව විනය විරෝධීව හැසුරුණු සෙසු නිදහස් පක්ෂ සාමාජිකයින් සම්බන්ධයෙන් තොරතුරු විමර්ශනය කර තීරණයක් ගැනීම සඳහා විනය කමිටුවට පැවැරූ බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.