FAST NEWS

24×7 Around the Globe

රැකියා විරහිත උපාධිධාරීන් විරෝධතාවක

රැකියා විරහිත උපාධිධාරීන් පුරප්පාඩු සඳහා බඳවා ගැනීමේදී විධිමත්භාවයක් නොමැතිවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය සහ උපාධිධාරී මධ්‍යස්ථානය කොටුව දුම්රියපළ ඉදිරිපිට අද (17) විරෝධතාවක නිරත විය.

අනතුරුව මුදල් අමාත්‍යංශය වෙත පා ගමනින් පැමිණි රැකියා විරහිත උපාධිධාරීන් මුදල් අමාත්‍යංශය ලේකම්වරයා හමුවී තම ගැටළු ඉදිරිපත් කොට ඇත.

ඔවුන් පෙන්වා දෙන්නේ මේ වන විට රටපුරා රැකියා විරහිත උපාධිධාරීන් 20,000 ක් පමණ සිටින අතර 2012 මාර්තු මස 31 දිනෙන් පසු රැකියා ලබාදෙන කිසිදු වැඩපිළිවෙළක් මෙතෙක් සකස් වී නොමැති බවයි.

එමෙන්ම බොහෝ කාලයක් පුරා උපාධිධාරීන්ට වාර්ෂිකව රැකියා ලබාදෙන ජාතික ප‍්‍රතිපත්තියක් සකස් කරන ලෙස ඉල්ලා සිටියද මේ වනතුරුත් එවැනි වැඩපිළිවෙලකට අවතීරණව නොමැති බව ඔවුන් පවසයි.