හිටපු ජනපතිවරයා පාද යාත්‍රාව අවසානයේ ලිප්ටන් වට රවුමේ පැවති රැළිය අමතමින් කළ සම්පුර්ණ කතාව පහතින්.
“මේ ඉතිහාසයේ දැවැන්තම පාද යාත්‍රාව තමයි කොළඹ ලිප්ටන් වටරවුමට එක්වෙලා තියෙන්නේ. එදා අපි මෙතිනන් පටන්ගෙන කතරගම පුදබිමට ගියේ. එදත් මර්දනය තිබුණා. එදා ප්‍රේමදාස මහත්තයා හිටියේ . හැබැයි ප්‍රේමදාස මහත්තයා උසාවියට ගිහින් පිණ්සෙන්ඩු වුණේ නෑ නවත්වන්න කියලා. එකයි වෙනස. දින කීයද? අවුරුද්දයි මාස අටයි. ජනතාව ලක්ෂ ගණන් පාරට බැහැලා තියෙනවා. එනවා කිවුවාම කොළඹට වෙවුලනවා මුළු ඇගම. වෙවුල වෙවුලා මට බනිනවා. මේ යනවා කියන කොට අරහේ බනිනවා. හැම කෙනාම FCID ගෙනියනවා. මේ අයට පිහිට වෙලා තියෙන්නේ අල්සල් කොමසාරිසුයි. සී.අයි.ඩී එකයි. බයද හිරේ දාන්න. නවත්වනවද සටන. මේ අය හිතන්න ඇති අපහාස කරලා ජනතාවට පහරදීලා ප්‍රජාත්ත්‍රවාදී අයිතිය තමන්ගේ ගමේ නියෝජිතයා පත්කර ගැනීමේ අයිතිය උදුරාගෙන ජනතාව ඒකාධිපති වගේ පාලනය කරන්න සූදානම් වෙනවා.
මතක තියාගන්න මේ ලෝකේ ඒකාධිපතින්ට වෙච්ච වැඩේ තමයි මේ යුවළටත් වෙන්නේ කියන එක. අපි පැහැදිලිව කියන්න ඕන. මේ ඒකාධිපතිත්වටය මුක්කු ගහන්න එකතුවෙලා ඉන්නවා.විපක්ෂයේ ඉන්නවා පහක්ද හයක්ද ලොකු තනතුරු දීලා. හැමදාම කතා කරන්න. අරයා බෝලේ දානවා. මෙයා බැට් කරනවා. මෙයා බැට් කළාට පස්සේ දානේ බෝලෙට රනිල් බැට් කරනවා. මේක තමයි ඇග්‍රීමන්ට් එක. රතු අලි පැටියෝ නිවැරදි පැත්ත හෙයාගන්න. මම ඔහු අනුගාමිකයිනට කියනවා නිවැරදි පැත්ත හොයාගන්න නායකයට බලකරන්න කියලා. අද මේක තමයි රටේ තත්ත්වය. වැටි බද්දෙන් පහර වැදුනේ කාටද? අපේ හෙම්බිරිස්සාවට කැස්සට ආණ්ඩුව ගෙවන්ගේ සියයට 15 බද්දක්. අපි අත්සන් නොකරපු ගිවිසුම්. අටේ කොල්ලන්ට කෙල්ලන්ට දෙන්න තියෙ රස්සා ටික පිටරටින් අරගෙන එන්න හඳනවා. ඉඩ දෙනවද?
සහනාධාර කැපුවා. 50ට වී ගත්තද? විස්සයි. කාටද වාසි. මොන මෝල් කාරයටද? මම ඥාතියෙකු සංග්‍රහ කරන්නේ නෑ. මේ මොකක්ද මේ. අපි විතරයිද මම කියන්න යන්නේ නෑ මීට වඩා. ගොවියා අද පාරේ. අර බලන්න රණවිරුවෝ. මහින්දගේ ආණ්ඩුව කානු කපන්න දාලා. අද රණවිරුවේ ළවා කරගෙන වැඩ ටික දන්නවනම්. රණවිරුවා මහපාරට කුණු බාල්දියට, හිරගෙදරට දාලා. රණවිරුවෝ ටික යුද අධිකරණයට. ඉඩ දෙනවද? මේකට විරුද්ධවයි ඇවිල්ලා ඉන්නේ. අපේ භික්ෂූන් වහන්සේලා අරගෙන ගිහින් හිරේ දානවා.
අද සමහර නිලධාරීන් කතා කරන්නේ මරදානේ චොප්පේ අයියා වගේ. චොප්පේ අයියත් ඊට වඩා හොඳට කතා කරනවා. උඩට යන කොට තමන්ගේ වචන වලත් වෙනස් වෙන්න ඕන. නීතිය සාධාරණ වෙන්න ඕන. පොලීසිය පවු.
තමුන්නාන්සේලා අපි ඊළග පාර එන්නේ යන්න නෙමෙයි අරගෙන යන්න. අපි මතක් කරනවා. ජනතාව අපි සූදානම් කරනවා. මේක පෙරහුරුවක් විතරයි. අවුරුදු ගාණකට පස්සේ. පාද යාත්‍රාවක් කියන්නේ මොකක්ද විපක්ෂයේ කියන්න මොකක්ද අවුරුදු 20ක් ආණ්ඩු පක්ෂයේ හිටපු අයට විපක්ෂයේ ඉන්න හැටිත් පෙන්නන්න ඕනනේ. කොහොමද සටන පටන් ගන්නේ කියලා. අපි ලෑස්තියි. ඔබ ලෑස්ති නම්. ඔබ ඉලල්නේ මොකක්ද එය අපි ලබාදෙනවා”
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.