FAST NEWS

24×7 Around the Globe

ඉන්දියාවේ සහ නේපාලයේ ගං වතුරෙන් මිලියන 02ක් පීඩාවට

නැගෙනහිර ඉන්දියාවේ සහ නේපාලයේ පවතින ගං වතුර හේතුවෙන් මේ වන විට පුද්ගලයින් මිලියන 02කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් සියයකට වැඩි පිරිසක් මියගොස් ඇති බවද සඳහන්ය

දැනට සතියක පමණ කාලයක් සිට පවතින දැඩි මෝසම් වර්ෂාවත් සමග  ගංඟා පිටාර ගලා ඇති අතර ඒ හේතුවෙන් නිවාස හා ගොවිබිම් රැසක් ජලයෙන් යටවී තිබේ.

මෙම තත්ත්වය තුළ ජනතාවට එම ප්‍රදේශ අතහැරයාමට සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

ඉන්දියාවේ ඇසෑම් සහ බිහාර් යන ප්‍රාන්තවල සහන සේවා කණ්ඩායම් ජනතාව බේරා ගැනීමේ  සහන කටයුතුවල නිරතව සිටින අතර අධික වර්ෂාව ඒ සඳහා ද බලපෑම් සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පසුගිය සතියක පමණ කාලය තුළදී නේපාලයේ සිදු වූ ගංවතුර සහ ආපදා තත්ත්වයන් හේතුවෙන් පුද්ගලයින් 75 දෙනෙකු පමණ මියගොස් තිබේ.

මේ අතර සෑම වසරකම ජුනි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා පවතින මෙම මෝසම් වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් සිය ගණනක් ජීවිතක්ෂයට පත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.