FAST NEWS

24×7 Around the Globe

සියලුම බස් ගාස්තු අද (01) සිට සියයට 6ක ප්‍රතිශතයකින් ඉහළට…

සියලුම බස් ගාස්තු අද (01) සිට සියයට 6ක ප්‍රතිශතයකින් ඉහළ දමා තිබේ. බස් ගාස්තු පිළිබඳ ජාතික ප්‍රතිපත්තියට අනුව රජය විසින් බස් ගාස්තුව සියයට 6ක ප්‍රතිශතයකින් ඉහළ දැමීමට පසුගිය ජූලි මාසයේදී තීරණය කළ අතර බස් සංගම් ද පසුව ඊට එකඟතාව පළකළේය.

ඒ අනුව අවම බස් ගාස්තුවද අද සිට රුපියලකින් වැඩිකර ඇති අතර දෙවැනි බස් ගාස්තුව වන රුපියල් 12 හැර අන් සියලුම බස් ගාස්තු අවස්ථා සියයට 6ක ප්‍රතිශතයකින් ඉහළ දමා තිබේ.

බස් ගාස්තු වැඩි කිරීමේ නිල නිවේදනය ජාතික ගමනා ගමන කොමිසම විසින් ප්‍රසිද්ධ කර ඇති අතර එම ‍ලේඛනය සියලුම බස් රථවල මගී ජනතාවගේ දැනගැනීම පිණිස ප්‍රදර්ශනය කළ යුතුව තිබේ.