FAST NEWS

24×7 Around the Globe

ඒකාබද්ධ විපක්ෂයේ 08 කට නොතීසි නැති බව අධිකරණය කියයි..

අධිකරණ තීන්දුව නොතකා හිටපු මහබැංකු අධිපතිට එරෙහිව විරෝධතා දැක්වීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අධිකරණයට කැඳවීමට නොතීසි නිකුත් කරන ලෙස පොලීසිය විසින් කළ ඉල්ලීම කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (1)  ප්‍රතික්ෂේප කර තිබේ.

එදින විරෝධතා පාගමනේ යෙදීම වළක්වමින් කොළඹ කොටුව උසාවියෙන් ලබාදී තිබූ උසාවි නියෝගය අදාළ මන්ත්‍රීවරුන්ට නිසි පරිදි ලබා නොදීමත් ශබ්ද විකාශන යන්ත්‍ර මගින් පමණක් උසාවි නියෝගය දැනුම්දීමත් හේතුවෙන් අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ උසාවිය එම මන්ත්‍රීවරුනට නොතීසි ලබාදුන් බවට ප්‍රසිද්ධ කළ ජනමාධ්‍ය ආයතන වෙතද එය නිවැරදි කරන ලෙස දන්වා ලිපි නිකුත් කරන්නැයි අධිකරණ ලේකම්ට නියෝග කළේය.

එම මන්ත්‍රීවරුන් වරදක් කර ඇත්නම් ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන ලෙසද උසාවිය පොලිසියට නියෝග කළේය.