FAST NEWS

24×7 Around the Globe

නොරොච්චොලේ සිද්ධිය ගැන ත්‍රිපුද්ගල වාර්තාව ඇමතිට..

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයට ගල් අඟුරු  ලබා ගැනීමේදී සිදු වී ඇති බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව අද(01) අමාත්‍යවරයා වෙත භාරදීමට නියමිතව තිබේ.

පසුගිය කාලයේදී මහත් මතභේදයකට තුඩු දුන් එම ටෙන්ඩරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබුණි.

අමාත්‍යවරයා සඳහන් කළේ මෙම වාර්තාව ලද වහාම පාර්ලිමේන්තුවට හා මාධ්‍ය වෙත ලබාදීමට කටයුතු කරන බවයි.