FAST NEWS

24×7 Around the Globe

ගල්අඟුරු වාර්තාව විගණාකාධිපති කොප් කමීටුවට…

ආන්දෝලනාත්මක ගල්අඟුරු ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශන වාර්තාව ඉදිරි දෙසතිය ඇතුළත කෝප් කමිටුවට භාර දෙන බව විගණාකාධිපති ගාමිණී විජේසිංහ පවසයි.

ඔහු සඳහන් කළේ, කෝප් කමිටුවේ ඉල්ලීමක් මත මෙම වාර්තාව සකස් කරන බව ය.

ගල්අඟුරු ගනුදෙනුව සම්බන්ධයෙන් 2009 වසරේ සිට අවස්ථා ගණනාවකදී ම ලංකා විදුලි බල මණ්ඩලයට තම විමර්ශන වරින්වර ඉදිරිපත් කළ බව ද විගණකාධිපතිවරයා පැවසීය.

ඔහු සඳහන් කළේ, තම නිරීක්ෂණ විදුලි බල මණ්ඩලය නොතකා හැරි බව ය.

මේ අතර් ගල්අඟුරු ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාව හෙට (01) තමන් වෙත ලැබෙන බව අමාත්‍ය රංජිත් සියඹලාපිටිය  සඳහන් කරයි.

නොරොච්චෝලේ බලාගාරය සඳහා ගල් අගුරු මිලදී ගැනීම හේතුවෙන් යම් පාඩුවක් සිදුව ඇද්දැයි සොයා බැලීමට වාර්තා කිරීම මෙම කමිටුවට පැවරී තිබේ.