FAST NEWS

24×7 Around the Globe

විශ්වවිද්‍යාලය අනධ්‍යන ගැටළුවට පිළියම්…

විශ්වවිද්‍යාලය අනධ්‍යන කාර්යය මණ්ඩලයට අන්තර් දීමනාව සහ මූලික වැටුපේ ප්‍රතිශතය වශයෙන් ගෙවනු ලබන විශේෂ දීමනාව පිළිබඳ නිර්දේශ මුදල් අමාත්‍යාංශය සහ අමාත්‍ය මණ්ඩලය වෙත ලබන සතියේදී ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

2016 අයවැය මගින් මෙම දිමනාව විශ්වවිද්‍යාල ප්‍රතිපදන කොමිෂන් සභාවේ කාර්යය මණ්ඩලය වෙනුවෙන් ද යෝජනා කෙරුණි.

මූලික වැටුපට එකතු කර සකස් කරන ලද මෙම විශේෂ දිමනා ඇතුළත් නව වැටුප් ව්‍යුහය ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කර ඇත.