FAST NEWS

24×7 Around the Globe

විදුලි බිල්පත් වෙනුවට Smart meter ක්‍රමය…

විදුලි බිල්පත් වෙනුවට Smart meter ක්‍රමය හඳුන්වා දෙන බවත් මේ හේතුවෙන් විදුලි බිල්පත් නිලධාරීන්ගේ තනතුර හා සංගමයේ නාමය විදුලි පාරිබෝගික සම්බන්ධීකාරක යන නමින් හදුන්වා දීමට නියමිත බවත් නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ විදුලි බිල්පත් නිලධාරීන්ගේ 24වන සංවත්සරයට සමගාමීව ඊයේ (29) පැවති උත්සවයකට සහභාගී වෙමිනි.

මේ යටතේ සැමට ඉහළම විදුලියක් ලබා දීමේ අරමුණ ඇතිව සියලුම පාරිබෝගිකයින්ට ඉතාමත් කෙටි කාලයක් තුළ මෙම ක්‍රමවේදය හඳුන්වාදීමට නියමිත බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.