FAST NEWS

24×7 Around the Globe

කොළඹ හයිඞ් පිටිය දෙන්න බෑ – වාසුගේ වෙන් කිරීම අවලංගු කෙරේ…

කොළඹ හයිඞ් පිටියේ සිදුකරන අලූත් වැඩියා කටයුතු හේතුවෙන් අද (30) සිට ඉදිරි කාලය දක්වා කර ඇති සියලූ වෙන්කිරීම් දින නියමයක් නොමැතිව අවලංගු කළ බව කොළඹ නාගරික කොමසාරිස් වී.කේ.ඒ අනුර මහතා පැවසීය.

ඒ අනුව ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතාට ද ඔහු විසින් කර ඇති වෙන් කිරීම අනුව ලබන 1 වැනිදාට හයිඞ් පිටිය ලබානොදෙන බවත්, ඉදිරි වෙන්කිරීම් සියල්ල ද අවලංගු කර ඇති බවත් කොමසාරිස්වරයා කීය.

හයිඞ් පිටිය වෙන්කරගත් අයදුම්කරුවන්ට අදාළ මුදල් ආපසු ලබාගැනීමට හෝ අලූත්වැඩියා කටයුතුවලින් පසු වෙනත් දිනයක් වෙන්කරගැනීමට හැකි බව ඔහු වැඩිදුරටත් පැවසීය.