FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනපති ඝාතන සැලසුම් සිද්ධියක් සම්බන්ධයෙන් සමීතා මුදුන්කොටුව CID යට.

ජනප්‍රිය ගායිකා සමිතා එරන්දතී මුදුන්කොටුව මහත්මියට රහස් පොලිසියට පැමිණෙන ලෙස දන්වා ඇතැයි වාර්තා වේ.

ඇයට එසේ දන්වා ඇති බව සමිතා එරන්දතී මුදුන්කොටුව මහත්මිය මේ වන විට මාධ්‍යටද ප්‍රකාශ කර ඇත.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කොළඹට පැමිණි එල්.ටී.ටී.ඊ. සැකකරුවකුට නවාතැන් දීම සම්බන්ධයෙන් වන චෝදනාවකට ඇයට මෙසේ CID යට පැමිණෙන ලෙස දන්වා ඇති බවද වැඩි දුරටත් වාර්තා වේ.