FAST NEWS

24×7 Around the Globe

නිට්ටඹුව පොලීසියේ ඉල්ලිම අධිකරණය ප්‍රතික්ෂේප කරයි…

පොලිස් ආඥා පනත අනුව  සාමය රැකීමට පියවර ගැනීම පොලිසියට බලය ඇතැයි අත්තනගල්ල මහේස්ත්‍රාත් දිනේෂ් ලක්මාල් පෙරේරා  මහතා අද (29) ප්‍රකාශ කළේය.

ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාව හා එක්සත් ජාතික පක්ෂයේ සංවිධාන වැඩපිළිවෙළත් නිට්ටඹුව නගරයේ දී සෙනසුරාදා (30) ඉරිදා (31) පැවැත්වෙන බවත් එම හෙයින් නගරය සාමය කඩවීමට ඉඩ ඇති හෙයින් එම වැඩසටහන් නතර  කරන ලෙසත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටි අවස්ථාවේදි මහේස්ත්‍රාත් මෙ බව අවධාරණය කළේය.

එසේම ඕනෑම පක්ෂයට  ප්‍රජාතන්ත්‍රවාදි ලෙස කටයුතු කළ හැකි හෙයින් පොලිසියේ ඉල්ලිමට කටයුතු කළ නොහැකි බව මහේස්ත්‍රාත්වරයා වැඩි දුරටත් අවධාරණය කර සිටියේය.