FAST NEWS

24×7 Around the Globe

රුසියාව සහ චීනය දකුණු චීන මුහුදේ ඒකාබද්ධ යුධ අභ්‍යාසයක…

රුසියාව සහ චීනය දකුණු චීන මුහුදේ ඒකාබද්ධ යුධ අභ්‍යාසයක් සිදු කිරීමට තීරණය කර තිබේ.

දකුණු චීන මුහුදේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් හේග් නුවර පිහිටි අන්තර් ජාතික බේරුම්කරණ ආයතනයකින් ලබාගත් දුන් නියෝග නොසලකා චීනය එම යුධ අභ්‍යාසවල නිරත වන බව වාර්තා වේ.

චීන ආරක්ෂක අමාත්‍යවරයා පවසන්නේ එම යුධ අභ්‍යාසය 03 වන පාර්ශවයකට එරෙහිව සිදු කරන්නක් නොවන බවයි.

දකුණු චීන මුහුදේ දූපත් කිහිපයක් සම්බන්ධයෙන් චීනය ඇතුළු රටවල් කිහිපයක් අයිතිවාසිකම් ඉදිරිපත් කිරීම හේතුවෙන් කළක සිට ගැටළුකාරි තත්ත්වයක් මතුව ඇත.

අමෙරිකාව ද එම ප්‍රදේශයට යුධ නෞකා කිහිපයක් යොමු කිරීමට පියවර ගත් අතර ඔවුන් පවසන්නේ නාවික ගමනා ගමනය සඳහා චීනයේ ක්‍රියාකාරිත්වය බාධාවක් බවයි.