FAST NEWS

24×7 Around the Globe

ලසන්ත ඝාතනය පිළිබඳ විමසන්න හිටපු IGP මහින්ද CID යට…

සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතන පරීක්ෂණ යට ගැසීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන්කර ගැනීමට සඳහා හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය මහතාට අද (29) පෙරවරුවේ රහස් පොලිසියට පැමිණ ඇති බව වාර්තා වේ.

වික්‍රමතුංග මහතාගේ ඝාතන පරීක්ෂණය දේශපාලන අධිකාරියේ බලපෑම මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර නොදී එය ත්‍රස්ත විමර්ශන ඒකකයට බාරදීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට හිටපු පොලිස්පතිවරයා CID යට කැඳවා ඇති බවද පැවසේ.

කෙසේවුවද, මේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පොලිස්පතිවරයා අත්අඩංගුවට පත්විය හැකි බව පොලිස් මූලස්ථාන අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තා වේ.

පසුගිය දිනවල පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාද නොසිතන අය අත්අඩංගුවට පත්විය හැකි බවට ප්‍රකාශයක් කර තිබිණි.