FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වහාම අත්අඩංගුවට ගන්නැයි අධිකරණය කියයි…

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු හයදෙනෙකු වහා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය කෙළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට අද (28) නියෝග කර තිබේ.

ගවර්ස් කෝපරේෂන් සභාපති බව කියන නාමල් රාජපක්ෂ ‘හෙලෝ කෝප්’ නැමති ආයතනයෙන් රුපියල් දස ලක්ෂ එකසිය විසිපහක කොටස් මිලට ගෙන ඇතැයි ද ඒ සඳහා ඔහුට මුදල් ලැබුණු ආකාරය සැක සහිත යැයි ද මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණය හමුවේ  අවධාරණය කර ඇත.

එ හෙයින් නාමල් රාජපක්ෂ මුදල් විශුද්ධිකරණ පනත යටතේ වරදක් කර  ඇති බවත් ඔහු ඇතුළු හය දෙනෙකුට චෝදනා ගොනු කිරිමට සාක්කි තිබෙන හෙයින් නිතිපති උපදෙස් දී  ඇතැයි මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණය හමුවේ සඳහන් කර ඇත.

එම හේතුවෙන් නම් ඔහු  ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්නැයි අධිකරණය  නියෝග කර තිබේ.