FAST NEWS

24×7 Around the Globe

ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාව දෙවන දින ආරම්භය උතුවන් කන්දෙන්…

අද (28) පෙරවරුවේ පේරාදෙණිය පාලම අසලින් ආරම්භ වුණූ ඒකාබද්ධ විපක්‍ෂයේ ජන සටන පාද යාත‍්‍රාව මාවනැල්ල ගනේතැන්න නගරයෙන්  පළමු දිනට නතර කෙරුණී.

එසේම අද දින පාද යාත්‍රාව අවසානයේ රජය කවර ආකාරයේ බාධක මර්ධන පැන වූවත් ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාව දෙවන දිනට හෙට (29)  උදෑසන 9 ට උතුවන් කන්දෙන් අරම්භ කරන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

++++++++++++++++++++++++++++++++(update)

ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාව පේරාදෙණියෙන් ඇරඹේ….(update)

ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාව අද (28) පෙරවරු 10.30ට පේරාදෙණියෙන් ආරම්භ කෙරුණු බව වාර්තා වේ.

එසේම අද පෙරවරු 11 පමණ වන විට ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාව කිරිබත්කුඹුරට පැමිණි බවද පැවසේ.

එසේම නුවර පාරේ දැඩි වාහන තදබදයක් පවතින බවද වාර්තා වේ.

++++++++++++++++++++++++++++++++(update) 11.2o a.m

එකාබද්ධ පාද යාත්‍රාවට හිටපු ජනපතිත් පැමීණෙයි….(update)

ගැටඹේ සිට අද (28) පෙරවරු 9.55 ට පමණ ආරම්භ වීමට  තිබු ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාව පටන්ගෙන නොතිබුණු අතර  හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර එහි පැමිණ ඇති බව වාර්තා වේ ​

ගලහ හන්දියේ දී  විපක්ෂ ආධාරකරුවෝ රැස්වී සිටින බවත් පොලිස් ආරක්ෂාව තරකර ඇති  බවත්  කොළඹ – මහනුවර මාර්ගයේ දැඩි වාහන තදබදයක් හට ගෙන ඇති බවද පැවසේ.

++++++++++++++++++++++++++++++++(update) 10.25 a.m

ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාවට ගැටඹේත් අහිමී වෙයි….(update)

ඒකාබද්ධ විපක්ෂය විසින් ආරම්භ කිරීම නියමිත පාද යාත්‍රාව මහනුවර නගර සීමාවේ අවසානය වෙන පේරාදෙණිය පාලමෙන් එපිටදී ආරම්භ කළ යුතු යැයි පේරාදෙණිය පොලීසිය නිවේදනයක් මගින් පවසා තිබේ.

පේරාදෙණිය නගර සීමාවේදී පාගමන නොපවත්වන ලෙස ඊයේ මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කිරීමත් සමග ගැටඹේ විහාරස්ථානය ආසන්නයෙන් පාගමන ආරම්භ කිරීමට සංවිධායකයන් කටයුතු කර තිබුණි.

මේ අතර පාගමන අවසානයේදී රැළිය පැවැත්වීමට නියමිතව තිබූ හයිඩ් පිටියේ අලුත්වැඩියා කටයුතු  ආරම්භ කර තිබේ.

කෙසේ වෙතත් මේ පිළිබඳව අදහස් දක්වමින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පැවැසුවේ හයිඩ් පිටියේ රැළිය පැවැත්වීමට නොහැකි වුවහොත් වෙනත් ස්ථානයකදී හෝ රැළිය පවත්වන බවයි.

++++++++++++++++++++++++++++++++++++(update)

ඒකාබද්ධ විපක්‍ෂයේ “ජන සටන” පාද යාත්‍රාව පෙරවරු 9.00 ට ඇරඹේ..

ඒකාබද්ධ විපක්‍ෂය සංවිධානය කෙරෙන “ජන සටන” පාද යාත්‍රාව අද (28 දා) පෙරවරු 9.00 ට මහනුවර ගැටඹෙන් ආරම්භ කිරීමට පාද යාත්‍රා සංවිධායක කමිටුව කටයුතු යොදා තිබේ.

මෙම පාද යාත්‍රාව මහනුවර දළදා මාලිගාව අබියසින් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබුණත් අධිකරණ නියෝගයක්‌ හේතුවෙන් එය ගැටඹෙන් ආරම්භ කෙරෙන බව පාද යාත්‍රා සංවිධායක කමිටු ප්‍රකාශකයෙක්‌ පැවසීය. ව්‍යවස්‌ථා මර උගුලට, පළාත් පාලන ඡන්දය කල්දැමීමට, ජනතාව මත අසීමිත බදු බර පැටවීමට, විශේෂ යුද අපරාධ අධිකරණයට, එට්‌කා ගිවිසුමට, ගොවි සහන කප්පාදුවට, දේශපාලන විරුද්ධවාදීන් දඩයමට, මාධ්‍ය මර්ධනයට එරෙහිව මෙම පාද යාත්‍රාව පවත්වන බව සංවිධායකයෝ කියති.

ගැටඹෙන් ආරම්භ වන පාද යාත්‍රාව අගෝස්‌තු 1 වැනිදා කොළඹට ළඟාවීමට නියමිතය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන සියලු පක්‍ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් පාද යාත්‍රාව ආරම්භ වේ.

ජන සටන පාද යාත්‍රාවට ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මන්ත්‍රී කණ්‌ඩායම, මහජන එක්‌සත් පෙරමුණ, ලංකා සම සමාජ පක්‍ෂය, ජාතික නිදහස්‌ පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, දේශ විමුක්‌ති ජනතා පක්‍ෂය, කොමියුනිස්‌ට්‌ පක්‍ෂය, ශ්‍රී ලංකා මහජන පක්‍ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ජනතා සේවක පක්‍ෂය යන පක්‍ෂවල නායකයන්ගේ හා එම දේශපාලන පක්‍ෂවලට සම්බන්ධ වෘත්තීය සමිති සංවිධාන, බහුජන සංවිධාන හා මහජනතාව සහභාගි වන බව පාද යාත්‍රා සංවිධායකයෝ පවසති.

පාද යාත්‍රාව පළමු දිනය අද පෙරවරු 9.00 ට මහනුවර ගැටඹෙන් ආරම්භ වී මාවනැල්ල නගරය දක්‌වාත් දෙවැනි දිනය වන 29 වැනිදා (හෙට) මාවනැල්ල සිට නෙළුම්දෙණිය නගරය දක්‌වාත් තෙවැනි දිනය වන 30 වැනිදා නෙළුම්දෙණිය නගරයේ සිට නිට්‌ටඹුව නගරය දක්‌වාත්, සිව්වැනි දිනය වන 31 වැනිදා නිට්‌ටඹුවේ සිට කිරිබත්ගොඩ නගරය දක්‌වාත් පස්‌වැනි දිනය වන අගෝස්‌තු 1 වැනිදා කිරිබත්ගොඩ නගරයේ සිට කොළඹ නගරය දක්‌වාත් ගමන් කරනු ඇත.