නිරායුධ දෙමළ සිවිල් වැසියන් 26 දෙනෙකු, ත්රිකුණාමලය කුමාරපුරම් ගම්මානයේදී වෙඩි තබා සමූල ඝාතනය කර තවත් පිරිසකට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිචෝදනා ලැබ සිටි හිටපු යුද හමුදා නිලධාරීන් හයදෙනෙකු, ජූරියේ ඒකමතික තීන්දූවට අනුව නිදොස්කොට නිදහස් කරන බව උතුරුමැද පළාත් බද මහාධිකරණ අද (27දා) විවෘත අධිකරණයේදී ප්රකාශ කළේය
එම නිලධාරීන් ත්රිකුණාමලය දෙහිවත්ත යුද හමුදා කදවුරට අනුයුක්තව සේවයේ නිරතවු අතර නඩුව විභාගවන කාලසීමාවේදී යුද හමුදාවෙන් නෙරපා සිටියහ.
විසි වසරකට පෙර සිදුවූ සිද්ධියේ නඩුව වසර විස්සකට පසුව ජූරි සභාවක් ඉදිරියේ අඛණ්ඩව මසක කාලයක් විභාගයට ගැනීමෙන් අනතුරුව මෙම තීන්දුව ප්රකාශයට පත් කෙරිණි.
ජූරියේ සභාපතිවරයා ඇතුළු සෙසු ජූරි සමාජිකයන් හයදෙනා යුද හමුදා කෝප්රල්වරුන් හයදෙනාට එරෙහිව නගාතිබූ අධි චෝදනා 101ට නිවරදිකරුවන් බව ඒකමතිකව ප්රකාශ කළහ.
1996 වසරේ පෙබරවාරි මස 11 වන දින හෝ ඊට ආසන්න දිනකදී ත්රිකුණාමලය මහාධිකරණ බලසීමාවේ මූතුර්, කුමාරපුම්හිදී මෙම ඝාතනය සිදුව තිබුණි.