FAST NEWS

24×7 Around the Globe

පළාත් පාලනය පිළිබඳව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගිවිසුමක්…

පළාත් පාලනය පිළිබඳව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තබා තිබේ.

පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය සහ ඉන්දියාවේ පළාත් පාලනය පිළිබඳ කේරළ ආයතනය මෙම ගිවිසුමට එළඹ ඇති බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කළේය.

පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ සභාපති කමල් පද්මසිරි මහතා සහ පළාත් පාලන ආයතන පිළිබඳ කේරළ ආයතනයේ අධ්‍යක්ෂ පී.බී.බාලන් මහතා විසින් මෙම ගිවිසුමට අත්සන් තබා ඇත.

මෙම ගිවිසුම මගින් ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ පළාත් පාලනය පිළිබඳ දැනුම සහ අත්දැකීම් හුවමාරු කර ගැනීමට සැලසුම් කර ඇති බව පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කළේය.

මීට අමතරව ශ්‍රී ලාංකිකයින්ට ඉන්දියාවේ පළාත් පාලනය පිළිබඳ පුහුණුවත් ඉන්දියානුවන්ට මෙරට පළාත් පාලනය පිළිබඳ පුහුණුවත් ලබාදීමට සැලසුම් කර ඇත.