FAST NEWS

24×7 Around the Globe

දුම්රිය ගාස්තුව වල වෙනසක් නෑ….

බස් ගාස්තු සංශෝධනයට සාපේක්ෂව කිසි ලෙසකින්වත් දුම්රිය ගාස්තුවේ වෙනසක් සිදු නොවන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සෙත්සිරිපාය පරිශ්‍රයේ ඊයේ (26) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.

දුම්රිය ගාස්තුවල වෙනසක් සිදුකිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයකට එළැඹ නොමැති බවත් ඉදිරියේ දී ගනු ලබන තීන්දු පිළිබඳ දැන්ම කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවද මෙහිදි අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

ලබන අගෝස්තු 01 වැනිදා සිට සියලුම බස් ගාස්තු සියයට හයකින් ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.