FAST NEWS

24×7 Around the Globe

යාත්‍රා පැවැත්වීමට හෝ විරෝධතා දැක්‌වීම ගැන කිසිඳු අකාරයේ ප්‍රකාශයක් කළේ නෑ..

ආණ්‌ඩුවට සහ එක්‌සත් ජාතික පක්‍ෂයට විරුද්ධව පාද යාත්‍රා පැවැත්වීමට හෝ විරෝධතා දැක්‌වීම අනුමත කරමින් තමා විසින් කිසිදු ආකාරයක ප්‍රකාශයක්‌ කර නැති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දිනපතා ප්‍රවෘත්ති පත්‍රයකට සඳහන් කර ඇත.

ආණ්‌ඩුව හෝ එජාපයට එරෙහිව පාද යාත්‍රා හෝ විරෝධතා දැක්‌වීමට ඒකාබද්ධ විපක්‍ෂයට බාධාවක්‌ නැතැයි එතුමා පැවසූ බවට ඒකාබද්ධ විපක්‍ෂයේ කැඳවුම්කරු පා.ම. ප්‍රසන්න රණතුංග මහතා කර ඇති ප්‍රකාශයක්‌ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා එම අදහස්‌ ප්‍රකාශ කර ඇත.

සඳුදා (25 දා) ඒකාබද්ධ විපක්‍ෂය සමඟ පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා එසේ කී බව ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළ අතර ඒ බව ඊයේ (26) ප්‍රවෘත්ති පත්‍රයක පළ විය.

මේ පිළිබඳව වැඩිදුරටත් ප්‍රවෘත්ති පත්‍රයට අදහස්‌ දක්වා ඇති ජනාධිපතිවරයා පාද යාත්‍රාවට හෝ එවැනි විරෝධතාවලට තමා කිසිදු අනුග්‍රහයක්‌ හෝ අනුමැතියක්‌ නොදක්‌වන බවත් ප්‍රසන්න රණතුංග මහතා කියන ආකාරයේ ප්‍රකාශයක්‌ නොකළ බවත් අවධාරණය කර  ඇත.