FAST NEWS

24×7 Around the Globe

යාපනය සරසවි ගැටුමට මැදි වූ සිසුන් 07 කට නොතීසි..

යාපනය සරසවි ගැටුමට මැදි වූ බව කියන සිසුන් හත් දෙනකුට සැප්තැම්බර පළමු වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස යාපනය මහේස්ත්‍රාත් එස් සදීශ්වරන් මහතා නොතීසි නිකුත් කෙළ්ය.

පහරකෑමෙන් තුවාල ලැබූ සිසුන්ගේ ප්‍රකාශවලින් හා ඇප මත සිටින මහා ශිෂ්‍ය සංගම් සභාපතිගෙන් ලබා ගත් ප්‍රකාශ අනුව සිසුන් හත් දෙනකු අනාවරණය වී යැයි කෝපායි පොලිසිය අධිකරණයට දැන්වීය.