FAST NEWS

24×7 Around the Globe

තිස්ස අල්ලස් කොමිසම හමුවට.

 

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක අද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටියේය.

ඒ, ජනාධිපතිවරණ සමයේ රජයේ අමාත්‍ය ධුරයක් ලබා ගැනීම සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණයට අදාළව ප‍්‍රකාශයක් ලබාදීම සඳහායි.

පෙරවරු 10ට පමණ අල්ලස් කොමිසම වෙත පැමිණි තිස්ස අත්තනායක මන්ත‍්‍රීවරයා තවමත් ඉන් පිටතට පැමිණ නොමැත.