FAST NEWS

24×7 Around the Globe

අල්කයිඩා දෙවැන්නා ගුවන් ප්‍රහාරයකින් මරුට.

 

අල්කයිඩා ත්‍රස්ත සංවිධානයේ දෙවැනි අණදෙන්නා ලෙස කටයුතු කළ නසීර් අබු වුහායිෂි යේමනයේදී ඇමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

නියමුවන් රහිත ඩ්‍රෝන ප්‍රහාරය පසුගිය සිකුරාදා දිනයේදී සිදුකළ බව ඇමෙරිකාව පවසන අතර, ප්‍රහාරයෙන් සිය නායකයා මියගිය බව අල්කයිඩා සංවිධානයද පිළිගෙන තිබේ.

අරාබි අර්ධද්වීපයේ අල්කයිඩා නායකයා ලෙස ප්‍රකටව සිටි මොහුගේ මරණයෙන් පසු, කාසිම් අල්-රයීමි ඒ වෙනුවට පත්කර ගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඝාතනයට ලක්වූ අල්කයිඩා හි හිටපු නායක ඔසාමා බින් ලාඩ්න්ගේ පෞද්ගලික ලේකම්වරයා ලෙසද කටයුතු කර තිබූ මොහු, වඩාත් සක්‍රීය අල්කයිඩා ශාඛා පිහිට වූවෙකු බවද ඇමෙරිකාව පවසයි.