FAST NEWS

24×7 Around the Globe

අගමැති රනිල් දකුණු ආසියානු ඩයස්පෝරා සමුළුව අමතයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (18) දින තුන්වන දකුණු ආසියානු ඩයස්පෝරා සමුළුව ඇමතීමට නියමිතය.

එම සමුළුවට සහභාගීවීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (17) සිංගප්පූරුව බලා පිටත් වූ අතර අද දින ආරම්භ වන සමුළුව හෙට (19) දිනයේදී ද පැවැත්වේ.

මෙවර තුන්වන දකුණු ආසියානු ඩයස්පෝරා සමුළුව සිංගප්පූරුවේ රැෆල්ස් සම්මන්ත්‍රණය කේන්ද්‍රය කර ගනිමින් පැවැත්වෙන අතර එහි ප්‍රධාන දේශනය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකරනු ලබයි.

මෙම සමුළුව සඳහා විද්වතුන්, සිවිල් සමාජ නායකයින් ඇතුළු 1000කට වැඩි පිරිසක් සහභාගීවිමට නියමිතය.

21 වන සියවසේ ලෝක දේශපාලන කරලියේ දකුණු ආසියානු කලාපීය භුමිකාව පිළිබදව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇත.