FAST NEWS

24×7 Around the Globe

විගණනන පනතේ බලතල කප්පාදු කරලා….

වත්මන් ආණ්ඩුව ජාතික විගණන පනත විගණන කොමිසමක් බවට පත් කරනවා කියමින් එම පනතේ යෝජනා කර තිබූ ප්‍රබල බලතල සියල්ලම පාහේ කප්පාදු කොට ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මාධ්‍ය වෙත පැවසීය.

යම් කොන්ත්‍රාත් සමාගමක් හෝ නිලධාරියෙක්, අමාත්‍යවරයෙක් රජයට යම් අලාභයක් සිදු කළහොත් එම අලාභය නැවත අයකර ගැනීමේ බලය විගණකාධිපති දෙපාර්තමේන්තුවට ලබාදිය යුතු යැයි පනතේ සඳහන්ව තිබුණ ද එය ද ඉවත්කර ඇති බවත් වීරවංශ මහතා සඳහන් කළේය.

ඒ නිසා විගණන කොමිසම යැයි කියමින් විගණන දෙපාර්තමේන්තුව යටතේ තිබුණ හයිය ද නැති නිකම්ම නිකං සුදු අලියකු නිර්මාණය කිරීම වත්මන් ආණ්ඩුවේ සූදානම බවත් හෙතෙම කියා සිටියේය.