FAST NEWS

24×7 Around the Globe

සිංගප්පූරුවේ තෙදින නිල සංචාරයක නිරතවන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ඇතුළු දූත පිරිස ඊයේ (17) පෙරවරුවේ චැංගි ජාත්‍යන්තර ගුවන් තොටු‍පොළින් සිංගප්පූරුවට ළඟා වූහ.
සිංගප්පූරුවට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස පිළිගනු ලැබුවේ එරට අධ්‍යාපන තොරතුරු හා සන්නිවේදන රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය ජනිල් පුදුච්ෙරි මහතා සහ වෛද්‍ය ජනිල් පුදුච්ෙරි මහත්මිය විසිනි.

එම අවස්ථාවට සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් නිමල් වීරරත්න සහ ශ්‍රී ලංකාවේ සිංගප්පූරු මහකොමසාරිස් එස්. චන්ද්‍රදාස් යන මහත්වරු එක්ව සිටියහ.

විදේශ අමාත්‍ය මංගල සමරවීර, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, අධිකරණ හා බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය සාරතී මිත්‍රපාල, අග්‍රාමාත්‍ය ‍ලේකම් සමන් ඒකනායක, මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ‍ලේකම් නිහාල් රූපසිංහ, අග්‍රාමාත්‍ය අතිරේක ‍ලේකම් සමන් අතාවුදහෙට්ටි, අග්‍රාමාත්‍ය විශේෂ සහායක කේ. පී. දයාරත්න සහ විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා ඇතුළු මහත්ම මහත්මීහුද මේ සංචාරයට එක්ව සිටිති.