FAST NEWS

24×7 Around the Globe

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ සැකකරු රිමාන්ඩ්….

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් යුධ හමුදා බුද්ධි අංශ සාජන්ට් මේජර්වරයා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය වූ අවස්ථාවේදී ඔහු ගමන් ගත් වාහනය පැදවූ රියදුරු පසුව පැහැරගෙන ගොස් අයුතු ලෙස ප්‍රශ්න කිරීමට අදාළ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.