FAST NEWS

24×7 Around the Globe

ඇසළ පෙරහර වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක්.

අගොස්තු මස 13 වනදා සිට 18 දක්වා ඇසළ පෙරහර වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා ක‍්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එම කාලය තුළ කොළඹ කොටුවේ සිට මහනුවර දක්වාත්, මහනුවර සිට කොළඹ කොටුව මෙන්ම නාවලපිටිය සහ මාතලේ දක්වාත් විශේෂ දුම්රිය ධාවනයයි සැලසුම් කර ඇත.

සාමාන්‍ය දුම්රියට අමතරව මෙම විශේෂ සේවා ක‍්‍රියාත්මක කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළේය.