FAST NEWS

24×7 Around the Globe

හිටපු රුසියානු තානාපති උදයංගට ජාත්‍යන්තර පොලිසියට වරෙන්තුවක් ?

ශ්‍රී ලංකාව රුසියාවෙන් මිග් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන වංචා සහ දුෂණ පිළිබඳව මේ වන විට පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය පරීක්ෂණ පවත්වයි.

ඒ සම්බන්ධ නඩුව අද (15) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු ලැබුණි.

මීන් පෙර මෙම චෝදනාවට විත්තිකරු වන හිටපු රුසියානු තානාපති උදයංග විරතුංග මහතාට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පෙනී සිටින ලෙස නොතිසි නිකුත් කර තිබුණද ඔහු අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී නොසිටියේය.

ඔහුට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය හරහා වරෙන්තුවක් නිකුත් කරන ලෙස මුල්‍ය අපරාධ කොට්ඨාශය අධිකරණයෙන් ඉල්ලීමක්ද කළේය.

මේ අනුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කලේ යලි මෙම නඩුව ලබන 18 වෙනිදා කැඳවා ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.