FAST NEWS

24×7 Around the Globe

වැට් නැති භාණ්ඩ කිහිපයක් සඳහා රුපියල් 05 ක් එක් කිරීම වරම්.(ගැසට් පත්‍රය)

අත්‍යවශ්‍ය භාණ්ඩ 16ක් සඳහා පාලන මිල පැනවීමට අදාළ ගැසට් පත්‍රය ඊයේ (12) මධ්‍යම රාත්‍රියේදී නිකුත් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කරනු ලැබීය.

එම මිල ගණන් ඊයේ (14දා) සිට බලපැවැත්වෙන බව ගැසට් නිවේදනයේ දැක්වෙයි.

කෙසේ වෙතත් මෙම භාණ්ඩ අතරින් භාණ්ඩ කිහිපයක් සඳහා රුපියල් 05ට නොවැඩි මුදලක් එකතු කිරීමේ අවස්ථාව වෙළෙන්දන්ට ලබාදීමට ගැසට් නිවේදනයෙන් කටයුතු කර තිබේ.

ඒ අනුව මයිසූර් පරිප්පු, වියළි හාල් මැස්සන් (තායිලන්ත/ඩුබායි) කඩල, මුං ඇට, සුදු සීනි, තිරිඟු පිටි, වියළි මිරිස්, කරවල (සාලයා/කට්ට) හා උම්බලකඩ යන භාණ්ඩ අසුරුම්/බහාලුම් තුළ අසුරා ඇත්නම් එම ඇසුරුමේ බර නොසළකා පාලන මිලට වඩා රුපියල් පහට නොවැඩි මුදලක් භාණ්ඩයේ මිලට එකතු කළ හැකි බවද ගැසට් නිවේදනයේ දැක්වෙයි.

download_0 download_1