FAST NEWS

24×7 Around the Globe

මෙරට ළාබාලතම නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩ බාර ගනියි.

 

මෙරට ළාබාලතම නියෝජ්‍ය අමාත්‍යවරයා බවට පත්වෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එරික් වීරවර්ධන අද (16දා) උදෑසන වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ වැඩභාර ගත්තේය.

එහිදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සැබෑ වෙනසක් රට තුළ ඇති කිරීමට සිදුකළ ආරාධනයට අනුව ව්‍යවස්ථාව වෙනස් කරමින් ඉදිරියේදී රටේ ආර්ථික දේශපාලන වශයෙන් යහපත් ගමනක් යෑම සඳහා ජාතික ආණ්ඩුවක් ලෙස කටයුතු කිරීම වෙනුවෙන් පිරිනැමූ නියෝජ්‍ය අමාත්‍ය ධුරය මෙලෙස භාරගත් බවයි.