FAST NEWS

24×7 Around the Globe

එල්.ටී.ටී.ඊ. සමයේ හමුදාව පොකුරු බෝම්බ භාවිතා කළේ නෑ….

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් සමග පැවැති යුද්ධයේදී ශ්‍රී ලංකා යුද හමුදාව කිසිදු අවස්ථාවක ‍පොකුරු බෝම්බ භාවිතා නොකළ බවත් ගුවන් හමුදාවද ගුවනින් ‍පොකුරු බෝම්බ නොහෙලූ බවත් හිටපු යුද හමුදාපති ප්‍රාදේශීය  සංවර්ධන ඇමැති ෆීල්ඩ් මාර්ෂල්  සරත් ෆොන්සේකා මහතා පැවැසීය.

රාජගිරිය ශ්‍රී ජයවර්ධනපුර මාවතේ ඊයේ (14) පැවති ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශය විවෘත කිරීමේ උත්සවයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ අදහස් ප්‍රකාශ කළේය.

එසේම රටේ සියලු කටයුතු රටේ පවතින නීතියට අනුව කළ යුතු බව කී ඇමැතිවරයා රටේ නීතිය අනුව විදෙස් විනිසුරුවන් ගැනීමට ක්‍රමයක් නැති බවද සඳහන් කළේය.

එමෙන්ම ඒ සඳහා නිශ්චිත යාන්ත්‍රණයක් අවශ්‍ය නිසා රටේ කටයුතු සම්බන්ධ විනිවිදභාවය අවශ්‍ය බැවින් නිරීක්ෂකයන්ගේ පැමිණීම අවශ්‍ය බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.