FAST NEWS

24×7 Around the Globe

පෞද්ගලික සෞඛ්‍ය සේවය සඳහා තිබු 15 % ක වැට් බද්ද මුළුමනින්ම අහෝසියි !

පෞද්ගලික සෞඛ්‍ය සේවය සඳහා පනවා තිබූ සියයට 15 වැට් බද්ද මුළුමනින්ම අහෝසි කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

ඊයේ (14) දිනයේදි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සියලූම පෞද්ගලික රෝහල් බලධාරීන් වෙත ඊට අදාළ නියෝගය නිකුත් කර ඇති බව වැඩි දුරටත් වාර්තා වේ.

මේ අනුව පෞද්ගලික රෝහල් ගාස්තු , වෛද්‍ය ගාස්තු සහ වෛද්‍ය පර්යේෂණ වෙනුවෙන් අය කළ සියයට 15 වැට් බද්ද සම්පූර්ණයේ අහෝසි වනු ඇත.