FAST NEWS

24×7 Around the Globe

වත්මන් ආණ්ඩුව පසුගිය ආණ්ඩුවට වඩා ආර්ථික කළමනාකරණයේදී අසමත්…….

වත්මන් ආර්ථිකය තුළ ජනතාව පහල තත්ත්වයකට ඇද දැමීමට පවතින ආණ්ඩුව සහ පසුගිය ආණ්ඩුව වගකිව යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා කැගල්ල ප්‍රදේශයේදී ප්‍රකාශ කළේ වත්මන් ආණ්ඩුව පසුගිය ආණ්ඩුවට වඩා ආර්ථික කළමනාකරණයේදී අසමත් වී ඇති බවයි.

මේ අතර ගොවි ගැටළු සම්බන්ධයෙන් කොළඹදී උද්ඝෝෂණයක් පැවැත්විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත මහතා සූරියවැව ප්‍රදේශයේදී සඳහන් කළේය.

එමෙන්ම ආණ්ඩුව ගෙන ඒමට අපේක්ෂිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් රට අගාධයකට ඇද දමනු ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.