FAST NEWS

24×7 Around the Globe

ප්‍රංශ නිදහස් දිනය සැමරුමට ත්‍රස්ත ප්‍රහාරයක් – 80 ක් මරුට.

ප්‍රංශ නිදහස් දිනය සැමරීම වෙනුවෙන් පැවැති උත්සවයක් අතරතුරදී ජනතාව අතරට ලොරි රථයක් කඩා වැදීමට සැලැස්වීමෙන් පුද්ගලයින් 80 දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් වාර්තා පවසන්නේ උත්සවය අතරතුර ලොරි රථය කඩාවැදීමෙන් පසු රැස්ව සිටි පිරිස් ඒ මේ අත දිවගිය බවයි.

මෙය ත්‍රස්ත ප්‍රහාරයක් ලෙසට හඳුනාගෙන ඇති අතර ලොරි රථය තුළ ගිනි අවි සහ බෝම්බ තිබූ බවට අනාවරණය වී තිබේ.

කෙසේ වුවද ලොරි රථයේ රියදුරු ආරක්ෂක අංශ වෙඩි ප්‍රහාරවලින් මියගොස් ඇති බව වාර්තා වේ.

මියගිය අය අතර කුඩා ළමුන් ද සිටින බව ප්‍රංශ ජනාධිපති ප්‍රංශුවා හොලන්ද් පවසයි.

ප්‍රහාරය සම්බන්ධයෙන් ජාතිය අමතමින් ඔහු ප්‍රකාශ කළේ ප්‍රංශය අයි.එස් ත්‍රස්තවාදීන්ගේ තර්ජනයට ලක්ව ඇති බවයි.

මේ අතර මේ මස අගදී අවසන්වීමට නියමිතව තිබූ ප්‍රංශයේ හදිසි තත්ත්වය තවත් මාස 03කින් දීර්ඝ කර තිබේ.

ප්‍රංශ නිදහස් දිනය වෙනුවෙන් සංවිධානය කර තිබූ උත්සව රැසක් අවලංගු කර ඇති බව වාර්තා වෙයි.